Posts

Batch File Introcuction

Image
මොකක්ද මේ Batch File කියන්නේ           කණ්ඩායම් ගොනුවක් යනු ඩොස්, ඕඑස් / 2 සහ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හි ස්ක්‍රිප්ට් ගොනුවකි. එය විධාන රේඛා පරිවර්තකය විසින් ක්‍රියාත්මක කළ යුතු විධාන මාලාවකින් සමන්විත වන අතර එය සරල පෙළ ගොනුවක ගබඩා කර ඇත. කණ්ඩායම් ගොනුවක පරිවර්තකයා අන්තර්ක්‍රියාකාරීව පිළිගන්නා ඕනෑම විධානයක් අඩංගු විය හැකි අතර IF, FOR, සහ GOTO ලේබල් වැනි කාණ්ඩ ගොනුව තුළ කොන්දේසි සහිත අතු බෙදීමට සහ ලූප කිරීමට හැකි වන පරිදි ඉදිකිරීම් භාවිතා කරයි. "කණ්ඩායම" යන පදය කණ්ඩායම් සැකසුම් වලින් වන අතර එහි අර්ථය "අන්තර්ක්‍රියාකාරී නොවන ක්‍රියාත්මක කිරීම" යන්නයි, නමුත් කණ්ඩායම් ගොනුවක් බහු දත්ත සමූහයක් සැකසෙන්නේ නැත. Batch file වලින් කරන්නේ මොනවද? කණ්ඩායම් ගොනු බොහෝ විට භාවිතා කරනුයේ වැඩසටහන් පැටවීමට, වරකට බහුවිධ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීමට සහ පොදු හෝ පුනරාවර්තන කාර්යයන් ඉටු කිරීමට ය. Batch file එකක් හදන්න අපිට text editor (notepad++, code blocks) භාවිතා කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් අපි Create directory, remove directory, copy and paste වගේ පොඩි වැඩක් කරන්න tex

Mostly used command in CMD

Image
Mostly used command in CMD* මුලින්ම පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. හැම තිස්සෙම භාවිතා කරන command ගොඩක් තියෙනවා. ඒව තම තමන් cmd එක භාවිතා කරන හේතුව මත පදනම් වෙනව.  මම කියල දෙන්න යන්නෙ සාමාන්‍යයෙන් Create directory, remove directory, copy and paste වගේ දේවල් වලට අපිට ඕන වෙන command ගැන. DIR මේ command එකෙන් අපිට පුළුවන් විස්තර ගන්න. ඒ කියන්නේ ඔයා folder එකක් ඇතුලේ ඉන්නව කියල හිතුවොත් DIR කියන command එකෙන් ඔයාට පුළුවන් ඒ folder එක ඇතුලේ තියෙන හැම දෙයක් ම ගැන විස්තරයක් ගන්න. Folder එක හදපු දවස වෙලාව size වගේ දේවල් ගැන දැන ගන්න ඔයාට මේක භාවිතා කරන්න පුලුවන්.    CD මේ command එකෙන් අපිට පුළුවන් එක තැනක ඉදල තවත් තැනකට යන්න. ඒක විස්තර කලොත් ඔයා දැන් ඉන්නේ AAA කියල folder එකක් ඇතුලෙ. ඔයාට දැන් ඒ AAA කියන folder එක ඇතුලේ තියන වෙන folder එකකට යන්න ඕන. ඒකට ඔයාට මේ CD කියන command එක භාවිතා කරන්න පුළුවන්. CD කියල type කරල folder name එක හරියට type කරල enter key එක press කරහම ඔයාට ඒ folder එක ඇතුලට යන්න පුළුවන්  CD..  මේ command එකෙන් අපිට පුළුවන් ආපස්ස

Create Directory

Image
Create Directory කොහොමද cmd එක භාවිතා කරල අපි folder හදන්නේ කියලා අපි බලමු. මේකට අලුත් command එකක් භාවිතා කරනව. ඒක තමයි MD කියන command එක. පහල තියන පිංතූර ටිකෙන් කියල දෙන්නම් කොහොමද folder එකක් හදාගන්නේ කියල. මේකට මම මගේ desktop එකේ තියන blog කියන folder එක භාවිතා කරනව. මුලින්ම ඔයා ඔයාට අලුතින් folder එක හදන්න ඕන තැනට cmd එකෙන් යන්න ඕන. උදාහරණයක් විදිහට මට test01 කියන folder එක හදන්න ඕන මගේ desktop එකේ තියන blog කියන folder එක ඇතුලේ.  මම මුලින්ම ඒ folder එක ඇතුලට යනව ඒක පහල පිංතූරයේ තියනව. මං DIR කියන command එක භාවිතා කරල බලනව ඒ folder එක ඇතුලේ මොනවද තියෙන්නෙ කියල. මේ තියෙන්නේ cmd එකෙන් බැලුවහම මොනවත් නෑ කියන පිංතූරය.  මේ තියෙන්නේ ඒ folder එකට ගිහින් බැලුවහම පේන්න තියන විදිහ.   දැන් ඔයාට පුළුවන් folder එකක් හදන්න. ඔයාට කරන්න තියෙන්නේ MD කියල type කරල ඔයාගේ folder එකේ නම දෙන්න. මම මෙතන භාවිතා කරල තියෙන්නෙ test01 කියන නම. ඔයා folder එකට නමක් දෙනකොට ඒ නම අතර මැදින් හිස්තැන් තියන්න එපා. එහෙම කලොත් command එක වැඩ කරන්නේ නැහැ. MD test01 කියලා type කරල ente

Remove Directory

Image
Remove Directory කොහොමද cmd එක භාවිතා කරල අපි folder එකක් delete කරන්නේ කියලා අපි බලමු. මේකට අලුත් command එකක් භාවිතා කරනව. ඒක තමයි RD කියන command එක. පහල තියන පිංතූර ටිකෙන් කියල දෙන්නම් කොහොමද folder එකක් delete කරන්නේ කියල. මේකට මම මගේ desktop එකේ තියන blog කියන folder එක භාවිතා කරනව. මුලින්ම ඔයා ඔයාට delete කරන්න ඕන folder එක තියෙන තැනට cmd එකෙන් යන්න ඕන. උදාහරණයක් විදිහට මට මගේ desktop එකේ තියන blog කියන folder එක ඇතුලේ තියෙන test01 කියන folder එක delete කරන්න ඕන. මම මුලින්ම ඒ folder එක ඇතුලට යනව ඒක පහල පිංතූරයේ තියනව. මං DIR කියන command එක භාවිතා කරල බලනව ඒ folder එක ඇතුලේ මොනවද තියෙන්නෙ කියල. මේ තියෙන්නේ cmd එකෙන් බැලුවහම පේන්න තියන විදිහ.  මේ තියෙන්නේ ඒ folder එකට ගිහින් බැලුවහම පේන්න තියන විදිහ.   දැන් ඔයාට පුළුවන් folder එක delete කරන්න. ඔයාට කරන්න තියෙන්නේ RD කියල type කරල ඔයාගේ folder එකේ නම දෙන්න. මම මෙතන භාවිතා කරල තියෙන්නෙ test01 කියන නම. ඔයා delete කරන්න ඕන folder එකේ නම හරියටම type කරන්න ඕන. එහෙම නොකලොත් command එක වැඩ කරන්නේ නැහැ. RD

Copy and Paste

Image
Copy and Paste දැන් කියන්න හදන්නේ කොහොමද cmd එක භාවිතා කරල file එකක් නැත්නම් පිංතූරයක් කොහොමද කොපි කරන්නේ කියල. මේකෙදි අපිට අලුත් command එකක් භාවිතා කරන්න වෙනව ඒක තමයි copy කියන command එක. මම මේක කරන්න පිංතූරයක් තමයි භාවිතා කරන්නෙ. මුලින්ම ඔයා කොපි කරන්න හදන පිංතූරය ඒ වගේම ඒ පිංතූරය කොතනටද කොපි කරන්නේ කියන දේ ගැන පොඩි අදහසක් ඔයා ලග තියන්න ඕන. මගේ desktop එකේ තියනව blog කියලා folder එකක්. එකේ තියනව AAA, ACC, BBC, කියල folder 3ක් තව sample.jpg කියල පිංතූරයක් තියනව. මේ තියෙන්නේ folder එකට ගිහින් බැලුවහම තියන විදිහ. දැන් මට කරන්න ඕනේ මගේ sample.jpg කියන පිංතූරය ABC කියන folder එක ඇතුලට කොපි කරගන්න. මුලින්ම ඔයා cmd එකෙන් ඔයාට මේ දේ කරන්න ඕන තැනට යන්න. ඒ කියන්නේ මං මේ copy කරන එක කරන්න හදන්නේ මගේ blog කියන folder එක ඇතුලේ ඔයාට පේනව ඇති මම ඉන්නෙ blog කියන folder එක ඇතුලේ. COPY කරන command එකේ structure එක තමයි මේ COPY <"මේතනට ඔයා කොපි කරන්න හදන text file එකේ location එක දෙන්න. අනිවාර්යයෙන්ම location එක දෙනකොට අනිවාර්යයෙන්ම " "

Creating a Text File Using Cmd

Image
Creating a Text File Using Cmd   අපි බලමු කොහොමද cmd එකෙන් text file එකක් හදන්නේ කියලා මේකට මම මගේ desktop එකේ තියන blog කියන folder එක භාවිතා කරනව. අපිට මේකෙදි අලුත් command ටිකක් තියනව. සාමාන්‍යයෙන් text file එකක් හදන එකේ structure එක තමයි පහල තියෙන්නේ. මට ඒක කරල පෙන්නන්න මගේ ඒ command එක වැඩ කරන්නේ නෑ. ඒත් මම ඒක ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඔයාලට පුලුවන් ඒක වැඩ කරනවද කියල බලන්න වැඩ කරනවනම් අමතක නොකර පහලින් comment එකක් දාන්න. notepad filename.txt මේක තමයි command එක. ඔයාට text file එක හදාගන්න ඕන තැනට cmd එකෙන් ගිහින් ඔය command එක ටයිප් කරන්න. Filename කියන එකට ඔයාට කැමති නමක් ගන්න පුළුවන් හැබැයි හිස්තැන් තියන්න බෑ. මම තව ක්‍රමයක් කියල දෙන්න හදන්නේ. මම මුලින්ම මට text file එකක් හදාගන්න ඕන තැනට cmd එකෙන් යනව දැනට එතන තියෙන්නේ folder කීපයක් විතරයි. මේක තමයි command එක text file එකක් හදන. TYPE NUL > filename.txt ඔයාට කැමති නමක් දෙන්න පුළුවන් filename කියන තැනට.  Filename එකට කැමති නමක් දීල enter key එක press කරන්න. ඉට පස්සෙ අපිට පුළ