Create Directory

Create Directory

කොහොමද cmd එක භාවිතා කරල අපි folder හදන්නේ කියලා අපි බලමු. මේකට අලුත් command එකක් භාවිතා කරනව. ඒක තමයි MD කියන command එක. පහල තියන පිංතූර ටිකෙන් කියල දෙන්නම් කොහොමද folder එකක් හදාගන්නේ කියල.

මේකට මම මගේ desktop එකේ තියන blog කියන folder එක භාවිතා කරනව.

මුලින්ම ඔයා ඔයාට අලුතින් folder එක හදන්න ඕන තැනට cmd එකෙන් යන්න ඕන. උදාහරණයක් විදිහට මට test01 කියන folder එක හදන්න ඕන මගේ desktop එකේ තියන blog කියන folder එක ඇතුලේ. 


මම මුලින්ම ඒ folder එක ඇතුලට යනව ඒක පහල පිංතූරයේ තියනව. මං DIR කියන command එක භාවිතා කරල බලනව ඒ folder එක ඇතුලේ මොනවද තියෙන්නෙ කියල. මේ තියෙන්නේ cmd එකෙන් බැලුවහම මොනවත් නෑ කියන පිංතූරය. 


මේ තියෙන්නේ ඒ folder එකට ගිහින් බැලුවහම පේන්න තියන විදිහ. 


 දැන් ඔයාට පුළුවන් folder එකක් හදන්න. ඔයාට කරන්න තියෙන්නේ MD කියල type කරල ඔයාගේ folder එකේ නම දෙන්න. මම මෙතන භාවිතා කරල තියෙන්නෙ test01 කියන නම. ඔයා folder එකට නමක් දෙනකොට ඒ නම අතර මැදින් හිස්තැන් තියන්න එපා. එහෙම කලොත් command එක වැඩ කරන්නේ නැහැ. MD test01 කියලා type කරල enter key එක press කරන්න. එතකොට පහල තියෙනව වගේ එකක් බලාගන්න පුළුවන්. ඔයාට DIR කියන command එකෙන් folder එක හැදිල ද කියලා බලන්න පුළුවන්. 


මේ තියෙන්නේ ඒ folder එකට ගිහින් බැලුවහම පේන්න තියන විදිහ. 


අදට මේ ටිකෙන් නතර වෙනවා, ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් comment කරන්න. Share කරන්න යාලුවන්ටත් ඉගෙන ගන්න. 

පුංචි ඉල්ලීමක් තියෙනවා. මට කරන උදව්වක් විදිහට පහල තියෙන add එකක් click කරල පොඩි උදව්වක් කරන්න මටත්.

Comments

Popular posts from this blog

Creating a Text File Using Cmd

Copy and Paste

Remove Directory