Creating a Text File Using Cmd
Creating a Text File Using Cmd
අපි බලමු කොහොමද cmd එකෙන් text file එකක් හදන්නේ කියලා
මේකට මම මගේ desktop එකේ තියන blog කියන folder එක භාවිතා කරනව.
අපිට මේකෙදි අලුත් command ටිකක් තියනව.
සාමාන්‍යයෙන් text file එකක් හදන එකේ structure එක තමයි පහල තියෙන්නේ. මට ඒක කරල පෙන්නන්න මගේ ඒ command එක වැඩ කරන්නේ නෑ. ඒත් මම ඒක ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඔයාලට පුලුවන් ඒක වැඩ කරනවද කියල බලන්න වැඩ කරනවනම් අමතක නොකර පහලින් comment එකක් දාන්න.
notepad filename.txt
මේක තමයි command එක. ඔයාට text file එක හදාගන්න ඕන තැනට cmd එකෙන් ගිහින් ඔය command එක ටයිප් කරන්න. Filename කියන එකට ඔයාට කැමති නමක් ගන්න පුළුවන් හැබැයි හිස්තැන් තියන්න බෑ.
මම තව ක්‍රමයක් කියල දෙන්න හදන්නේ. මම මුලින්ම මට text file එකක් හදාගන්න ඕන තැනට cmd එකෙන් යනව දැනට එතන තියෙන්නේ folder කීපයක් විතරයි.
මේක තමයි command එක text file එකක් හදන.
TYPE NUL > filename.txt
ඔයාට කැමති නමක් දෙන්න පුළුවන් filename කියන තැනට.
Filename එකට කැමති නමක් දීල enter key එක press කරන්න. ඉට පස්සෙ අපිට පුළුවන් DIR කියන command එක භාවිතා කරල file එක හැදිලද බලන්න.
අදට මේ ටිකෙන් නතර වෙනවා, ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් comment කරන්න. Share කරන්න යාලුවන්ටත් ඉගෙන ගන්න.
පුංචි ඉල්ලීමක් තියෙනවා. මට කරන උදව්වක් විදිහට පහල තියෙන add එකක් click කරල පොඩි උදව්වක් කරන්න මටත්.
Comments
Post a Comment