Remove Directory

Remove Directory


කොහොමද cmd එක භාවිතා කරල අපි folder එකක් delete කරන්නේ කියලා අපි බලමු. මේකට අලුත් command එකක් භාවිතා කරනව. ඒක තමයි RD කියන command එක. පහල තියන පිංතූර ටිකෙන් කියල දෙන්නම් කොහොමද folder එකක් delete කරන්නේ කියල.

මේකට මම මගේ desktop එකේ තියන blog කියන folder එක භාවිතා කරනව.

මුලින්ම ඔයා ඔයාට delete කරන්න ඕන folder එක තියෙන තැනට cmd එකෙන් යන්න ඕන. උදාහරණයක් විදිහට මට මගේ desktop එකේ තියන blog කියන folder එක ඇතුලේ තියෙන test01 කියන folder එක delete කරන්න ඕන.

මම මුලින්ම ඒ folder එක ඇතුලට යනව ඒක පහල පිංතූරයේ තියනව. මං DIR කියන command එක භාවිතා කරල බලනව ඒ folder එක ඇතුලේ මොනවද තියෙන්නෙ කියල. මේ තියෙන්නේ cmd එකෙන් බැලුවහම පේන්න තියන විදිහ. 


මේ තියෙන්නේ ඒ folder එකට ගිහින් බැලුවහම පේන්න තියන විදිහ.  



දැන් ඔයාට පුළුවන් folder එක delete කරන්න. ඔයාට කරන්න තියෙන්නේ RD කියල type කරල ඔයාගේ folder එකේ නම දෙන්න. මම මෙතන භාවිතා කරල තියෙන්නෙ test01 කියන නම. ඔයා delete කරන්න ඕන folder එකේ නම හරියටම type කරන්න ඕන. එහෙම නොකලොත් command එක වැඩ කරන්නේ නැහැ. RD test01 කියලා type කරල enter key එක press කරන්න. එතකොට පහල තියෙනව වගේ එකක් බලාගන්න පුළුවන්. ඔයාට DIR කියන command එකෙන් folder එක delete වෙලාද කියලා බලන්න පුළුවන්. 


මේ තියෙන්නේ ඒ folder එකට ගිහින් බැලුවහම පේන්න තියන විදිහ.  


අදට මේ ටිකෙන් නතර වෙනවා, ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් comment කරන්න. Share කරන්න යාලුවන්ටත් ඉගෙන ගන්න. 

පුංචි ඉල්ලීමක් තියෙනවා. මට කරන උදව්වක් විදිහට පහල තියෙන add එකක් click කරල පොඩි උදව්වක් කරන්න මටත්

Comments

Popular posts from this blog

Creating a Text File Using Cmd

Copy and Paste