Batch File Introcuction

මොකක්ද මේ Batch File කියන්නේ

          කණ්ඩායම් ගොනුවක් යනු ඩොස්, ඕඑස් / 2 සහ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හි ස්ක්‍රිප්ට් ගොනුවකි. එය විධාන රේඛා පරිවර්තකය විසින් ක්‍රියාත්මක කළ යුතු විධාන මාලාවකින් සමන්විත වන අතර එය සරල පෙළ ගොනුවක ගබඩා කර ඇත. කණ්ඩායම් ගොනුවක පරිවර්තකයා අන්තර්ක්‍රියාකාරීව පිළිගන්නා ඕනෑම විධානයක් අඩංගු විය හැකි අතර IF, FOR, සහ GOTO ලේබල් වැනි කාණ්ඩ ගොනුව තුළ කොන්දේසි සහිත අතු බෙදීමට සහ ලූප කිරීමට හැකි වන පරිදි ඉදිකිරීම් භාවිතා කරයි. "කණ්ඩායම" යන පදය කණ්ඩායම් සැකසුම් වලින් වන අතර එහි අර්ථය "අන්තර්ක්‍රියාකාරී නොවන ක්‍රියාත්මක කිරීම" යන්නයි, නමුත් කණ්ඩායම් ගොනුවක් බහු දත්ත සමූහයක් සැකසෙන්නේ නැත.



Batch file වලින් කරන්නේ මොනවද?


කණ්ඩායම් ගොනු බොහෝ විට භාවිතා කරනුයේ වැඩසටහන් පැටවීමට, වරකට බහුවිධ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීමට සහ පොදු හෝ පුනරාවර්තන කාර්යයන් ඉටු කිරීමට ය.

Batch file එකක් හදන්න අපිට text editor (notepad++, code blocks) භාවිතා කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් අපි Create directory, remove directory, copy and paste වගේ පොඩි වැඩක් කරන්න text editor භාවිතා කරන්නේ නැහැ. ඒත් අපිට text editor එකක් භාවිතා කරල උනත් කලින් කිව්වා වගේ පොඩි පොඩි වැඩ කරගන්නත් පුලුවන්.

හදාගත්ත batch file එක run කරන්න අපිට ඕන වෙනවා cmd(command prompt) එක. මුලින්ම කියන්න ඕන මේ cmd එක graphical user interface එකක් නම් නෙවෙයි. ඔයාට ඕන හැම දෙයක්ම කරන්න ඔයාට ටයිප් කරන්න වෙනවා මේ cmd එකේදී.  

කොහොමද Cmd එක open කර ගන්නෙ? 
  
 මේක open කරගන්න පුළුවන් ඔයාට ක්‍රම ගොඩක් තියෙනවා. මම එකක් කියලා දෙන්නම්. මුලින්ම යන්න ඔයාගේ computer එකේ search bar එකට. එතනට ගිහින් cmd කියල ටයිප් කරන්න එතකොට search results වල command prompt කියලා applications එකක් පෙන්නනව
  
දැන් mouse එකේ right click එක click කරල run as administrator කියන එක click කරන්න
ඔයාට මේ වගේ interface එකක් බලාගන්න පුළුවන් එතකොට
  cmd එකේ වැඩ කරද්දි අපිට ඕන command බලාගන්න පුළුවන් HELP කියන command එක type කරල. ඔයා cmd එක open කරපු ගමන් ඔයාට පේනව. ඉරි කෑල්ලක් එනව යනව. එතනට ගිහින් HELP කියල type කරල enter key එක press කරහම ඔයාට පහල තියනවා වගේ list එකක් බලා ගන්න පුළුවන්.

අනිවාර්යයෙන්ම මේක කියන්න ඕන. ඔය list එකේ තියෙන command ඔක්කොම නම් අපිට වැදගත් නැ. හැම තිස්සෙම වගේ ඕන වෙන command ටිකක් තියෙනවා ඒ ටික තමයි ගොඩක් වැදගත්.

අදට මේ ටිකෙන් නතර වෙනවා, ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් comment කරන්න.

පුංචි ඉල්ලීමක් තියෙනවා. මට කරන උදව්වක් විදිහට පහල තියෙන add එකක් click කරල පොඩි උදව්වක් කරන්න මටත්.



Comments

Popular posts from this blog

Creating a Text File Using Cmd

Copy and Paste

Remove Directory