Copy and Paste

Copy and Paste


දැන් කියන්න හදන්නේ කොහොමද cmd එක භාවිතා කරල file එකක් නැත්නම් පිංතූරයක් කොහොමද කොපි කරන්නේ කියල. මේකෙදි අපිට අලුත් command එකක් භාවිතා කරන්න වෙනව ඒක තමයි copy කියන command එක.

මම මේක කරන්න පිංතූරයක් තමයි භාවිතා කරන්නෙ.

මුලින්ම ඔයා කොපි කරන්න හදන පිංතූරය ඒ වගේම ඒ පිංතූරය කොතනටද කොපි කරන්නේ කියන දේ ගැන පොඩි අදහසක් ඔයා ලග තියන්න ඕන.

මගේ desktop එකේ තියනව blog කියලා folder එකක්. එකේ තියනව AAA, ACC, BBC, කියල folder 3ක් තව sample.jpg කියල පිංතූරයක් තියනව.



මේ තියෙන්නේ folder එකට ගිහින් බැලුවහම තියන විදිහ.


දැන් මට කරන්න ඕනේ මගේ sample.jpg කියන පිංතූරය ABC කියන folder එක ඇතුලට කොපි කරගන්න.

මුලින්ම ඔයා cmd එකෙන් ඔයාට මේ දේ කරන්න ඕන තැනට යන්න. ඒ කියන්නේ මං මේ copy කරන එක කරන්න හදන්නේ මගේ blog කියන folder එක ඇතුලේ ඔයාට පේනව ඇති මම ඉන්නෙ blog කියන folder එක ඇතුලේ.


COPY කරන command එකේ structure එක තමයි මේ

COPY <"මේතනට ඔයා කොපි කරන්න හදන text file එකේ location එක දෙන්න. අනිවාර්යයෙන්ම location එක දෙනකොට අනිවාර්යයෙන්ම " " මේ ලකුණු දෙක ඇතුලේ දෙන්න"> <"මෙතනට කොපි වෙන්න ඕන තැන කොතනද කියලා location එක දෙන්න ඒකත් කලින් වගේ අනිවාර්යයෙන්ම " " ඇතුලේ දෙන්න" >

මම කියල දෙන්නම් කොහොමද හරියටම location එක ගන්නෙ කියල.
මුලින්ම ඔයා යන්න ඕන ඔයා කොපි කරන පිංතූරය තියන තැනට. එතනට ගිහින් address bar එක click කරන්න. Click කරහම ඒකේ තියන address එක highlight වෙනව. ඔයා එතන මේක \ ටයිප් කරන්න. ඉට පස්සේ පිංතූරයේ හරි text file එකේ නම හරි type කරන්න. මම තෝරාගත්තේ sample.jpg කියන පිංතූරය. දැන් right click කරල ඒ addres එක copy කරගන්න 



දැන් cmd එකට ගිහින් COPY කියන command එක type කරල පොඩි හිස්තැනක් තියන්න ඉට පස්සෙ මේක type කරගන්න " ඉට පස්සෙ පහල තියෙන පින්තූරේ වගේ address එක cmd එකට paste කරගන්න.


 ඉට පස්සේ මේක " ටයිප් කරන්න. එතකොට ඔයාට පහල තියනව වගේ බලාගන්න පුළුවන්.


 ඊලගට තියෙන කොපි වෙන්න ඕන location එක දෙන්න. ඒකටත් කලින් වගේම address එක දෙන්න ඕන. මම තෝරගත්ත පිංතූරය AAA කියන folder එක ඇතුලට copy කරන්න තමයි මට ඕන.


ඊට පස්සේ enter key එක press කරහම මේ වගේ එකක් ලැබෙනවා.


ඔයාට පුළුවන් ගිහින් බලන්න ඇත්තටම copy වෙලාද කියල.

අදට මේ ටිකෙන් නතර වෙනවා, ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් comment කරන්න. Share කරන්න යාලුවන්ටත් ඉගෙන ගන්න. 

පුංචි ඉල්ලීමක් තියෙනවා. මට කරන උදව්වක් විදිහට පහල තියෙන add එකක් click කරල පොඩි උදව්වක් කරන්න මටත්. 

Comments

Popular posts from this blog

Creating a Text File Using Cmd

Remove Directory