Create Functions in Batch File

Create Functions in Batch File
   
අපි බලමු කොහොමද function එකක් හදන්නෙ කියල batch file වල. මේක ටිකක් වෙනස් දෙයක්. අපිට මෙක කරන්න text editor එකක් භාවිතා කරන්න වෙනව. ඔයා ලග තියන ඕනම text editor එකක් මේකට ගන්න පුළුවන්.

මුලින්ම ඔයා text editor එක open කරගෙන blank page එකක් අරගෙන කැමති නමක් දීල අන්තිමට .bat කියල ඒක save කරගන්න.

දැන් බලමු කොහොමද function එකක් හදන්නෙ කියල. මේ තියෙන්නේ function එකක structure එක. 

ඔයාට කැමති නමක් දෙන්න පුළුවන් function_name කියන එකට. පහල තියෙන්නේ code එක මම ඒක පේලියෙන් පේලිය විස්තර කරන්නම්. 



@ECHO OFF

batch file වල ඕනම දෙයක් print කරන්න නැත්නම් display කරන්න අපි @ECHO කියන key word එක භාවිතා කරනව. හැබැයි මෙතනදි කරල තියෙන්නෙ ඒක නරත කරන එක ඒකයි @ECHO OFF කියල තියෙන්නෙ. 

CALL :param_function damith

මෙතන CALL කියන්නේ batch file වල වචනයක්. ඒකේ අදහස කතාකරනව param_function කියන function එකට කියන එක. මෙතන damith කියන්නේ parameter එකක්. 

EXIT /B %ERRORLEVEL%

මෙතන EXIT කියන්නේ අයින් වෙනව කියන අදහස. මේ key word එකත් batch file වලට ආව එකක්. %ERRORLEVEL% මේ key word එකත් batch file වලට ආව වචනයක්. මේකෙන් වෙන්නේ අපේ code එකේ වැරැද්දක් තිබ්බොත් ඒක පෙන්නන එක. 

:param_function

මේක තමයි function එක නැත්නම් function name එක කියන්නේ මේකට

ECHO MY NAME IS %~1

මෙතන ECHO කියන්නේ print කරන්න නැත්නම් display කරන්න කියන අදහස. %~1 මේකෙන් කරන්නෙ අපි උඩින් එවපු parameter එක අල්ල ගන්න එක

PAUSE 

මේකෙන් වෙන්නේ programme එක run වෙලා අයින් වෙන් නැතුව ඒ කියන්නේ auto close වෙන් නැතුව තියාගන්න එක. 

EXIT /B 0

මෙතන EXIT කියන්නේ අයින් වෙනව කියන අදහස. මේ key word එකත් batch file වලට ආව එකක්. FUNCTION එකේ අවසානය කියන්නත් පුළුවන්. 

ඔයාට පුළුවන් මේ CODE එක TYPE කරල SAVE කරල RUN කරල බලන්න. 

මගේ FILE එක් නම function.bat මම cmd එකෙන් file එක save කරපු තැනට ගිහින් file name එක file extension එකත් එක්ක දීල enter key එක press කරනව. මේ වගේ output එකක් තමයි ලැබෙන්නෙ. 


අදට මේ ටිකෙන් නතර වෙනවා, ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් comment කරන්න. Share කරන්න යාලුවන්ටත් ඉගෙන ගන්න. 

පුංචි ඉල්ලීමක් තියෙනවා. මට කරන උදව්වක් විදිහට පහල තියෙන add එකක් click කරල පොඩි උදව්වක් කරන්න මටත්.

Comments

Popular posts from this blog

Creating a Text File Using Cmd

Copy and Paste

Remove Directory